ad

Breaking News

හිටපු ජනපති මෛත්‍රීට ඉහළ තනතුරක් අගමැති මහින්ද පොරොන්දු වෙයි


හිටපු ජනපති මෛත්‍රීට ඉහළ තනතුරක් අගමැති මහින්ද පොරොන්දු වෙයි

නව තනතුරක් සාදා එය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.ඔහු මේ බව සඳහන් කර ඇත්තේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට පෙර දා හිටපු ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකදීය.

තවද මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත්තේ හිටපු ජනාධිපතිවරයෙකුට කැබිනට් ඇමැති ධුරයක් දැරීම සුදුසු නොවන නිසා නව ව්‍යවස්ථා සංශෝධනය මගින් නව තනතුරක් ඇති කර එය හිටපු ජනාධිපතිවරයාට ලබා දෙන බවයි.මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමට හිටපු ජනාධිපතිවරයා එකඟ වී ඇති අතර ඔහුට ලබාදීමට එකඟ වී සිටි පරිසර ඇමති ධූරය මහින්ද අමරවීර මහතාට ලබාදීමට ද කරන ලද ඉල්ලීම අගමැතිවරයා විසින් ඉටු කර දී ඇත.ඒ අනුව මෙවර ඇමති මණ්ඩලය පත් කිරීමේදී හිටපු ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍යංශයක් හිමි නොවීය.