පක්ෂ නායකත්වයේ වෙනසක් නෑ තවත් මාස 06කට රනිල්
පක්ෂ නායකත්වයේ වෙනසක් නෑ තවත් මාස 06කට රනිල්
එළැඹෙන පලාත් සභා මැතිවරණය දක්වා පක්ෂ නායකත්වයේ රැදී සිටීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව වාර්තා වන අතර ඉදිරි පළාත් සභා මැතිවරණය ලබන වසරේ පෙබරවාරි සහ මාර්තු අතර කාලයේ දී පැවැත්වීමට නියමිතය.පළාත් සභා මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂය මෙහෙය වන්නේ වත්මන් පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් බව පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් පවසා තිබේ.පළාත් සභා මැතිවරණයට පසුව පක්ෂ නායකත්වය වෙනත් සුදුසු අයෙකුට ලබා දීමට රනිල් වික්‍රමසිංහ මහතා එකගතාවය පළ කර ඇති බව වාර්තා වේ.
