ad

Breaking News

රෝසි සේනානායක මහත්මියගේ සැමියා වන අතුල සේනානායක මහතා අභාවප්‍රාප්ත වෙයි


කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ සැමියා වන අතුල සේනානායක මහතා මිට ස්වල්ප මොහොතකට පෙර  අද අභාවප්‍රාප්ත වී තිබේ.

අතුල සේනානායක මහතා හිටපු පොලිස්පති ස්ටැන්ලි සේනානායක මහතාගේ පුත්‍රයා ය.වසර 40 කට අධික කාලයක් හෝටල ක්ෂේත්‍රයේ මනා අත්දැකීම් ඇති අතුල සේනානායක මහතා මෙරට ප්‍රධාන පෙළේ හෝටල කිහිපයක ඉහළ තනතුරු දැරූ පුද්ගලයෙකි.මෙවර මැතිවරණයට සමගි ජනබලවේගයෙන් ඉදිරිපත් වූ කනිෂ්ක සේනානායක මහතා ඔහුගේ පුත්‍රයා වේ.අභාවප්‍රාප්ත වනවිට අතුල සේනානායක මහතා 64 වියේ පසු විය.