බණ 800 කට වැඩිය කියලා ගෝඨාභය ජනපති කරේ මහින්දගේ පරන හොර රැළට නැවත රට දෙන්න නෙවෙයි
කුරුණෑගල පුරාවස්තු විනාශය සිදු වී අදට දින 15 ක් ගත වූවත් ඒ සම්බන්ධ කිසිවෙකුත් තවමත් අත්අඩංගුවට ගෙන නොමැත.අපේ ජනබල පක්ෂයේ අපේක්ෂක පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමි.
මේ ඊයේ පෙරේදා දැක්කනේ කුරුණෑගල නගරාධිපති බුවනෙකබාහු හෝටලය හරි මොකක් හරි පැරණි ගොඩනැගිල්ලක් කියමුකෝ ඒක 2014 ගෝඨාභය මහත්තයාම ගැසට් එහෙකින් සංරක්ෂණය කළ යුතු ගොඩනැගිල්ලක් කියලා නම් කරනවා.ඒ ගොඩනැගිලි 10 න් 6 වෙනි ගොඩනැගිල්ල විදිහට. ජොන්ස්ටන් කියනවා මගේ මිනිහා නගරාධිපති මයිලකට අත තියන්න දෙන්නේ නෑ කියලා. පුරාවිද්‍යාවෙන් දාපු කොමිටියෙන් එනවා මේකේ වරදක් වෙලා තියෙනවා අනිවාර්යයෙන් නීතිය හමුවට පමුණුවන්න ඕන කියලා. ඊට පස්සේ පොහොට්ටුවේ සභාපති හාමුදුරුවන් ඇවිල්ලා කියනවා පොහොට්ටුවේ වීම නිසා නැහැ මේකෙ මේ දේශපාලන නේ ගනන් ගන්න දෙයක් නෑ. අනික් පැත්තෙන් ආණ්ඩුවෙන් නිර්දේශයක් එනවා ලක්ෂ 90 ක් යනවා ඒක නගරසභාවේ නිසා පළාත් සභාවේ සල්ලිවලින් ආපහු මේක පිළිසකර කරන්න ඕන කියලා. ඊයේ ගෝඨාභය මහත්තයා කියනවා පෙරේදාද කොහෙද මේ නැ නැ නැ ඒක මේ අර බුවනෙකගේ මොකක්ද මේ අර අහවලා ගේ පුතාගෙනේ. එහෙනම් මොන බම්බුවකටද ලක්ෂ 90 ක් වෙන් කරන්නේ අරක හදන්න සමතලා කරා නම් ඉවරනේ. මෙන්න මේ ගොල්ලන්ගේ දේශපාලනේ. අපි මේ පරණ මූන්ව පාරේ යන්නද ගෝඨාභය වගේ කෙනෙකුට කතිරේ ගැහුවේ ? නැහුනේ අපි බණ 800 කට වැඩිය කියලා තියෙනවා මම මේ රටේ මේ මතය හදන්න එක බනකට මිනිස්සු දෙතුන්දාහක් ඇවිල්ලා තියෙනවා බණ අහන්න. යු.එන්.පි කාරයෝ ඇවිල්ලා කියලා තියෙනවා අනේ හාමුදුරුවනේ තමුන්නාන්සේ කියන කතාව ඇත්ත ගහන්නෙ නෑ මේ පාර නම් අනිවාර්යයෙන් ඔබ වහන්සේ කියන මේ පණිවුඩය අපි ජනගත කරනවා. එහෙමයි අපි ඔසවලා තිබ්බේ. හැබැයි ඒ මහින්ද මහත්තයාටයි එයාගේ අර පරණ හොරු රැළටයි රට අර පරන පාරේන් රට අරන් යන්න නෙවෙයි ඒක කළේ.
කුරුණෑගල පුරාවස්තු විනාශයට වගකිවයුත්තන් කෝ..?
