ඕස්ට්‍රේලියාවේ කොරෝනා දෙවැනි රැල්ලක් යලිත් කොරෝනා මරණ
ඕස්ට්‍රේලියාවේ කොරෝනා දෙවැනි රැල්ලක් – යළි කොරෝනා මරණ වාර්තා වෙයි
කොරෝනා වෛරසය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ සවුත් වේල්ස් ප්‍රාන්තයේ තවත් දෙදෙනෙකු මියගොස් ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කළා.අද උදෑසන වනවිට එම ප්‍රාන්තයේ නව රෝගීන් 15 ක් වාර්තා වීමෙන් පසුව මෙල්බර්න්හි මාරාන්තික දෙවන රැල්ල නිව් සවුත් වේල්සය දක්වා පැතිරී ඇති බවට බියක් ද වැඩිවෙමින් පවතිනවා.අගමැති ඩැනියෙල් අන්දෘස් පැවසුවේ වික්ටෝරියා හි මරණ සංඛ්‍යාව 34 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
