ගම්පහ පුද්ගලයින් 80 දෙදෙනෙකු PCR පරීක්ෂාවට
ගම්පහ පුද්ගලයින් 80 දෙදෙනෙකු PCR පරීක්ෂාවට
කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති ගම්පහ ප්‍රදේශයෙහි පුද්ගලයින් දෙදෙනෙකුගේ ආශ්‍රිතයින් 80 දෙනෙකු පමණ PCR පරීක්ෂාවට ලක්කිරීම අද (15) ගම්පහ නගර සභා ප්‍රජා ශාලාවේදී සිදු කර ඇත.කන්දකාඩුවෙහි මත් ද්‍රව්‍යකරුවන් පුනරුත්ථාපනය කෙරෙන මධ්‍යස්ථානයක කටයුතුකර ඇති බණ්ඩාරවත්ත සහ වැරැල්ලවත්ත පදිංචිකරුවන් දෙදෙනෙකුගේ ආශ්‍රිතයින් පිරිසක් හා ගම්පහ අධිකරණයෙහි පිරිසක් මෙලෙස පරීක්ෂාවට ලක් කිරීම ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ මෙළෙස සිදු කර ඇත.
