විරාමය අවසන් ශ්‍රී ලංකා ක්‍රිකට් යළි පුහුණුවීම් අරබයි
දින 81ක විරාමයකින් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට නැවත පුහුණුවීම් ආරම්භ කර තිබේ.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව මෙම පුහුණු කඳවුර ක්‍රියාත්මක කරන බවයි.කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මාස දෙකහමාරකට අධික කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩාවේ නිරත වීමට නොහැකි විය.මේ වන විට ක්‍රීඩකයින් 13 දෙනෙකු පුහුණුවීම් ආරම්භ කර තිබේ.සෞඛ්‍ය බලධාරීන් ක්‍රීඩකයින්ට සෞඛ්‍ය ආරක්ෂිතව ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධ උපදෙස් මාලාවක් ද ලබා දී තිබේ.අද උදෑසන ක්‍රීඩකයින් කොළඹ CCC ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් කටයුතු වල නිරත විය.ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා ප්‍රමුඛ පුහුණුකරුවන් සිව්දෙනාගේ අධීක්ෂණය යටතේය.සියලු ක්‍රීඩකයින් නේවාසිකව දින 12 ක් මෙම පුහුණු සැසිය සඳහා සහභාගී වේ.
