ad

Breaking News

කොරෝනා ප්‍රශ්නය අවසන් වූ වහාම විශිෂ්ට ලෙස මෙය සමරනවා -තොන්ඩමන්ගේ පුත් ජීවාන් තොණ්ඩමන්


කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් තම පියා වන ආරුමුගම් තොණ්ඩමන් මහතාට දිය යුතුව තිබූ විශිෂ්ට සමුදීම කළ නොහැකි වූ බව ඔහුගේ පුත් ජීවාන් තොණ්ඩමන් මහතා පැවසීය.මේ ආකාරයෙන් අවසන් ගෞරවය දැක්වීම තමන් කණගාටුවක් වන නමුත් රටේ ආරක්ෂාව වඩා වැදගත් බවත් අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවමංගල උත්සවයේ ස්තුති කතාව පවත්වමින් ඔහු මේ අදහස් පල කළේය.

තවද කොරෝනා ප්‍රශ්නය අවසන් වූ වහාම විශිෂ්ට ලෙස මෙය සමරන බවද ඔහු පැවසු අතර  තම පියා පවා මේ ආකාරයෙන් සමුගැනීමකට කැමති නොමැති බවද පැවසූ ඔහු තම පියාට ලබාදුන් සහයෝගයට උඩරට දෙමළ ජනතාවට ස්තුතිය ද පළ කළේය.