තරඟ පාවාදුන්නේ යැයි නගන චෝදනාවට මහින්දානන්දට මාලින්ගගෙන් පිළිතුරු
හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ 2011 ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරගය මුදලට පාවා දුන්නේ යැයි එල්ල කරන චෝදනාවට ලසිත් මාලින්ගත් පිළිතුරු ලබා දෙයි.
2011 ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරගය මුදලට පාවා දුන්නේ යැයි එල්ල කරන චෝදනාව රටක් ලෙස බොහෝ අපකීර්තියට පත්වූ අවස්ථාවක් බව සුපිරි වේගපන්දු ක්‍රීඩක ලසිත් මාලිංග සඳහන් කරයි.මෙහි සියලු සාක්ෂි ඇති නම් එහි සත්‍ය අසත්‍යතාව සොයා ගැනීමට වැඩි කාලයක් ගත නොවනු ඇතැයි පවසන ඔහු තමන් එම ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක් ලෙස විශ්වාස කරන බවද වැඩිදුරටත් පවසයි.එවන් පැහැදිලි සාක්ෂි ඇත්තේ නම් ජනතාව නොමඟ නොයවා එම තරඟය පාවා දුන් පුද්ගලයන් නම් කලයුතු බව ද ඔහු කියා සිටියේය.එසේ නොකරන්නේ නම් ජනතාව විසින් කළ යුතු වන්නේ මෙවන් බොරු චෝදනා එල්ල කරන අය ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කිරීම බව ද ඔහු කියා සිටියේ්ය.
සමාජ ජාල ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් පල කර ඇති අතර 2011 ලෝක කුසලාන අවසන් තරඟය පාවා දී ඇති බව එවකට හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කළ චෝදනාවට ප්‍රතිචාර දක්වමිනි.
