කම්කරු දෙපාර්තුමේන්තුවේ වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියකින් ජනතාවගේ පෞද්ගලික දත්ත රැස්කිරීමක් -ITSSL
කම්කරු දෙපාර්තුමේන්තුවේ වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් හරහා ජනතාවගේ පෞද්ගලික දත්ත රැස්කිරීමක් සිදුව ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති රජිව් යසිරු කුරුවිටගේ මහතා අප Gossip24000 වෙබ් අඩවිය වෙත තොරතුරු වාර්තා කර තිබේ.එම නිවේදනය පහතින්,
කම්කරු දෙපාර්තුමේන්තුව විසින් ලබාදෙනු ලබන ඩොලර් 20,000ක ප්‍රතිලාභයක් ලබාගැනීමට ඇතැයි පවසමින් https://whatsget.online/labourdept නම වෙබ් ලිපිනය යටතේ කම්කරු දෙපාර්තුමේන්තුවේ වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් ක්‍රියාත්මක වන අතර මෙම වෙබ් අඩවිය හා එක්ව ප්‍රතිලාභ ලබාගැනීමට කටයුතු කරන ලෙස දැක්වෙන පණිවිඩයක් වට්සැප්,ෆේස්බුක් සහ මැසෙන්ජර් සමාජ මාධ්‍ය යෙදුම් හරහා ශ්‍රී ලංකික ජනයා අතර ඉතා විශාල වශයෙන් හුවමාරු වේ. මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පැමිණිලි කිහිපයක් ලැබී ඇත. මෙම වෙබ් අඩවිය ශ්‍රී ලාංකික මහජනතාවගේ දත්ත ලබාගැනීමට මෙන්ම ජංගම දුරකථන වලට අනිෂ්ඨ යෙදුම් ස්ථාපනය කිරීමට යොදාගත හැකි බැවින් කම්කරු දෙපාර්තුමේන්තුවේ නාමය සදහන් කරමින් සමාජ් මාධ්‍ය වෙබ් අඩවි වල සැරිසරන පණිවිඩ කෙරෙහි අවධානයෙන් පසුවන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට දැනුම්දෙමු.
