මහමැතිවරණය සමීක්ෂණ මුවාවෙන් සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා මහජනතාවගේ පෞද්ගලික දත්ත රැස් කිරීමක් - ITSSL
මහමැතිවරණය සමීක්ෂණ මුවාවෙන් සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා මහජනතාවගේ පෞද්ගලික දත්ත රැස් කිරීමේ ක්‍රියාවලියක්....
මහමැතිවරණය සමීක්ෂණ මුවාවෙන් සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා මහජනතාවගේ පෞද්ගලික දත්ත රැස් කිරීමේ ක්‍රියාවලින් වල ඉහල යාමක් දක්නට ඇති බවට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට නිරීෂණය කිරීමට හැකිවී ඇතැයි අප Gossip24000 වෙබ් අඩවිය වෙත නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය ප්‍රකාශ කර ඇත. එම නිවේදනය මෙසේය.
මහමැතිවරණ සමීක්ෂණ සිදුකිරීමට යැයි සහ යම් යම් කණ්ඩායම් වල සාමාජිකත්වය ලබාගැනීමට කටයුතු කරනා ලෙස දන්වන ලද සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය වන දැන්වීම් ආශ්‍රයෙන් මෙසේ මහජනතාවගේ පෞද්ගලික දත්ත රැස් කිරීමක් සිදුවේ. මෙවැනි දත්ත රැස් කිරීමේ ක්‍රියාවලින් සම්බන්ධයෙන් විමසිලිමත්ව පසුවන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ශ්‍රී ලාංකික මහජනතාවට දැනුම්දෙමු. තවද යම් හෙයිකින් ඔබගේ දත්ත යම් ක්‍රියාවලියක් සදහා ලබාදෙන්නේ නම් ඔබ දත්ත ලබාදෙන පාර්ශවය සතුව පෞද්ගලික ප්‍රතිපත්ති මාලාවක් නොහොත් Privacy Policy Statement තිබේදැයි සහ ඔබගේ දත්ත ඔවුන් භාවිතා කිරීමට බලාපොරොත්තු වන්නේ කුමන ක්‍රියාවලීන් සදහා දැයි දැනුවත්ව ලබාදීමට කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට අවධාරණය කරමු.

