ජෝර්ජ් ෆ්ලොයිඞ් ට යුක්තිය ඉල්ලන උද්ඝෝෂණ රැල්ල යුරෝපයට
සුදු පොලිස් නිළධාරීන් විසින් මරා දැමූ නිරායුධ ජෝර්ජ් ෆ්ලොයිඞ් වෙනුවෙන් යුක්තිය ඉල්ලා යුරෝපය පුරා උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ වී ඇති බව විදෙස් පුවත් වාර්තා කරන අතර ජෝර්ජ් ෆ්ලොයිඞ් ඝාතන සිදු වීම පදනම් කර ගනිමින් පොදුවේ වර්ගවාදයට එරෙහිව මෙම උද්ඝෝෂණ රැල්ලක් දියත් වේ.තවද එක්සත් රාජධානිය, ඉතාලිය, බෙල්ජියම, ඩෙන්මාර්කය , හන්ගේරියාව. ප්‍රංශය සහ ජර්මනිය ඇතුළු රටවල් රැසක මෙම උද්ඝෝෂණ දියත් වේ.එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව ඉදිරිපිටට සහ එරට ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටට දහස් ගණන් උද්ඝෝෂණකයන් රැස් වී විරෝධතා පවත්වන බව වාර්තා වේ.
