පෙරටුගාමී විරෝධතාව විසුරුවා හැරීමේ රාජකාරීවල නිරත වූ පොලිස් නිලධාරීන් 30 දෙනෙකු නිරෝධායනයට
අමෙරිකානු තානාපති කාර්යාලය අසළ පැවති විරෝධතාව විසුරුවා හැරීමේ රාජකාරීවල නිරත වූ පොලිස් නිලධාරීන් 30 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර තිබේ.
පොලීසිය සඳහන් කළේ අත්තිඩිය නිරෝධායන මධ්‍යස්ථානයට ඔවුන් යොමු කළ බවයී.පෙරටුගාමී සමාජවාදී පක්ෂය පසුගිය 9 වැනි දා කොල්ලුපිටියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අසළ එලෙස විරෝධාවක නිරත විය.එම අවස්ථාවේදී විරෝධතාකරුවන් අතර සමාජ දුරස්ථකරණය නොතිබීම හා ඔවුන් මුව ආවරණ පැළඳ නොසිටි බව පොලීසිය පවසයි.ඒ හේතුවෙන් එම විරෝධතා විසුරුවා හැරීමට සහභාගී වූ නිලධාරීන් නිරෝධායනයට යොමු කරන්නැයි සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස්වලට අනුව මෙම පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ ය.
