රාජ්‍ය වෙබ් අඩවි සදහා සයිබර් තර්ජන - ITSSL
වසර කිහිපයකින් යාවත්කාලීන නොවුණු අනාරක්ෂිත රාජ්‍ය වෙබ් අඩවි බොහෝමයක් ශ්‍රී ලංකාව තුල තවමත් ඇති බවත් එම වෙබ් අඩවි ඉදිරි කාලයන් වල සයිබර් ප්‍රහාර වල ගොදුරු බවට පත් වීමට ඉඩ ඇති බව ශ්‍රීලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් රජයට පෙන්වා දෙයි.තවද වසර කිහිපයකින් යාවත්කාලීන නොවුණු අනාරක්ෂිත රාජ්‍ය වෙබ් අඩවි බොහෝමයක් ශ්‍රී ලංකාව තුල ඉදිරියේදී සයිබර් ප්‍රහාරවලට ඉතා පහසුවෙන් ගොදුරුවිය හැකි රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් හදුනාගැනීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකියාව ලැබී තිබේ. විශේෂයෙන්ම බොහොමයක් වෙබ් අඩවි යල්පැනගිය වසර පහකට වඩා කාලයක් තිස්සේ යාවත්කාලීන නොකරන ලද ඒවා බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් සිදුකල අධ්‍යනයකදී හෙළිවී ඇති බව අප Gossip24000 වෙබ් අඩවිය හා සම්බන්ධ වෙමින් එහි සභාපති වරයා අදහස් පළ කරන ලදී.තවද විශේෂයෙන්ම යම් වෙබ් අඩවි අවසන්වරට යාවත්කාලීන කර ඇත්තේ 2015 වර්ෂයේදී පමණ වන බවත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අප හා එක්වෙමින් වැඩි දුරටත් පවසන ලදී.
මෙසේ යල්පැනගිය වෙබ් අඩවි පැවතීම සයිබර් ප්‍රහාරකයන්ට අත වැනීමක් වනු ඇති බවත් මෙම වෙබ් අඩවි පිලිබදව උනන්දුවක් දැක්වීමට වගකිවයුතු පාර්ශව කටයුතු කරනු ලබන්නේ එම වෙබ් අඩවි වලට යම් ආකාරයකින් සයිබර් ප්‍රහාරයක් එල්ලවූ විටදී පමණක් වීම කණගාටුවකට කරුණක් බවත් සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුල නව නීති සම්පාදනය වන වාතාවරණයක් තුල ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන වෙබ් අඩවි වල ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රීලංකා රජය ඉතා වගකීමෙන් කටයුතු කළයුතු බවත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය රජයට අවධාරණය කර සිටියේය.
තවද TECF නම් සයිබර් ප්‍රහාරක කණ්ඩායම විසින් අද (30) රාජ්‍ය වෙබ් අඩවි තුනක වෙබ් පිටු Defacement කිරීමක් සිදුකොට ඇති අතර මේ සමගම TECF සයිබර් ප්‍රහාරක කණ්ඩායම මේ වසරේදී (2020) සිදුකරනු ලැබූ සයිබර් ප්‍රහාර ගණන අටක් දක්වා ඉහල යනු ඇත. අද දින එල්ලවූ සයිබර් ප්‍රහාරයේදී සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ වෙබ් අඩවියද ගොදුරු වූ බැවින් ජනතාවට අත්‍යවශ්‍ය වෙබ් අඩවි කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අදාළ අංශ වල බලධාරීන් මේ පිළිබද දැනුවත්ව කටයුතු කළ යුතුව ඇතැයි අවධාරණය කළේය.

