ad

Breaking News

වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාර මාලාවක් - ITSSL


ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාර මාලාවක් එල්ල වී  ඇති බවත් එම වෙබ් අඩවි වල ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසත් පවසමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් අදාළ අංශ වෙතින් ඉල්ලීමක් කරයි.පහතින් එම නිවේදනය,

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි කිහිපයකට වෙබ් අඩවි කිහිපයක් ඊයේ (17) දින සයිබර් ප්‍රහාර මාලාවකට ගොදුරු වී ඇත. ඊයේ දින සිදුවී ඇති සයිබර් ප්‍රහාර මාලාව Website defacement නමින් හදුන්වනු ලබන අතර සයිබර් ප්‍රහාරයට වෙබ් අඩවි පහකට ආසන්න සංඛ්‍යාවක් ගොදුරුවී ඇති බවට මේ වනවිට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට තොරතුරු වාර්තා වේ. මෙම සයිබර් ප්‍රහාරය 2014 වසරේ සිට සිදුවන සයිබර් ප්‍රහාරයක් වන අතර වෙබ් අඩවි පවත්වාගෙන යනු ලබන පාර්ශවයන් විසින් වෙබ් අඩවි වල ආරක්ෂාව කෙරෙහි සැලකිල්ලක් නොදැක්වීම නිසා ඔවුන්ගේ වෙබ් අඩවි සයිබර් ප්‍රහාර වලට ගොදුරු වීමක් සිදුවේ. පසුගිය වසරේදී මෙලෙසම සයිබර් ප්‍රහාරයට ගොදුරු වූ චීන තානාපති කාර්යාලයේ සහ රජරට විශ්ව විද්‍යාලයයේ වෙබ් අඩවි මේ වසරේදීද සයිබර් ප්‍රහාරයට නතුවී තිබෙන බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට නිරීක්ෂණය කිරීමට හැකිවිය. මේ අතර ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයකට වෙබ් අඩවියක්ද මෙම සයිබර් ප්‍රහාරයට ගොදුරු වී ඇති බවට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වෙතට තොරතුරු වාර්තා වේ.