ad

Breaking News

ගුවන් තොටේ පිස්සු නැටූ දියණිය කබ්රාල් සොයයි


එංගලන්තයේ සිට මෙරටට ගෙන්වා ගන්නා ලද පිරිස අතරේ තම දරුවන් දෙදෙනා සිටින බවත් ඔවුන් ගුවන්තොටුපොළේ දී අශෝභන ලෙස හැසිරී ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.තම දරුවන් එසේ නොපැමිණි බව සඳහන් කරන ඔහු එවන් අසත්‍ය තොරතුරු දැඩිව හෙළා දකින බවද පවසයි.තමන්ගේ එක් පුත‍්‍රයෙකු මේ වන විටත් ලංකාවේ සිටින බවත් අනෙක් පුත‍්‍රයා විදේශගතව සිටින බවත් ඔහු සඳහන් කළේය.මාධ්‍ය වාර්තා පල වුවද තමනට දියණියක නැති බවත් එවන් දියණියක් තමන් නොදන්නා බවත් එම දියණිය තමන් ද සොයන බවත් ඇය ගැන තොරතුරක් දන්නේ නම් තමන් වෙත ලබාදෙන ලෙස ඔහු තවදුරටත් ඉල්ලා සිටියේය.