ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 1.5 ක ආධාරයක් ශ්‍රී ලංකාවට
කොරෝනා වසංගතය පාලනය කිරීමටත් වසංගතය හේතුවෙන් රටේ ආර්ථිකයට සිදුව ඇති බලපෑම අවමකර ගැනීම සදහාත් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 1.5 ක ආධාරයක් ලබා දීමට ඕස්ටේ‍්‍රලියානු රජය එකග වී තිබේ.කොළඹ ඕස්ටේ‍්‍රලියානු මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා තිබෙන අතර ඊට අමතරව කොරෝනා මර්දන සටනේ පෙරමුණු බලඇණියට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත ඇදුම් සහ වෙනත් සෞඛ්‍යාරක්ෂිත ද්‍රව්‍ය රැසක් ද ඕස්ටේ‍්‍රලියානු රජය විසින් ශ‍්‍රී ලංකා රජයට ලබා දී තිබේ.
