ජනපතිට කොරෝනා යැයි ෆෙස්බුක් පොස්ටුවක් දැමූ කත රිමාන්ඩ්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කොරෝනා වැළඳී ඇති බවට අප්‍රේල් 01 වනදා (මෝඩයාගේ දිනයේ) විහිළුවක් තම ෆේස් බුක් ටයිම් ලයින් එකේ පළ කරන ලද කාන්තාවක අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය ප‍්‍රචාර කළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙයි. ඇය අධිකරණයට ඉදිරිපත් කරනු ලදුව ලබන 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් වයි. ප‍්‍රභාකරන් මහතා ඊයේ (06) නියෝග කළේය.
නිරන්තරයෙන්ම ෆේස් බුක් වෙත විවිධ දෑ උපුටමින් ෂෙයාර් කිරීම පුරුද්දක් කරගත් තැනැත්තියක වන අතර පසුගිය අප්‍රේල් 01 වනදා 'Gotabhaya has tested positive for covid 19... Sad...' යනුවෙන් මිතුරන්ට පෙනෙන පරිදි පෝස්ටුවක් පළ කර තිබූ අතර එය බොහෝ තැන් වලට හුවමාරුවී තිබේ.
ජනාධිපති ගෝඨාභයට කොරෝනා වයිරසය වැළැදී ඇතැයි අසත්‍යයක් ප‍්‍රචාරය කර පරිගණක පනතේ හයවැනි වගන්තිය ප‍්‍රකාරව වරදක් සිදුකර ඇතැයි සදහන් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණී.
COVID-19 වයිරසය සම්බන්ධයෙන් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුල අසත්‍ය තොරතුරු ජනගත කිරීම 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ 6 වැනි වගන්තියට අනුව අපරාධමය වරදක් බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසනවා.
ජාතික ආරක්ෂාවට, ජාතික ආර්ථිකයට, හෝ මහජන ආරක්ෂාවට හානි සිදුකිරීම හෝ COVID-19 වයිරසය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍යගත කිරීම වසර පහකට නොවැඩි කාලයක් සදහා දඩුවම් ලබාදියහැකි වරදක් බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මාධ්‍ය පරිශීලකයන්ට එම සංගමය පෙන්වා දෙනවා. එම සංගමය විසින් පසුගිය මාර්තු 17 වනදා නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය පහතින්.