හිරු සුදේව හා රංගන ස්වර්ණවාහිනියට
මෙරට ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක් වූ හිරු ආයතනයේ සේවය කළ සුදේව හෙට්ටිආරච්චි සහ රංගන හිරු ආයතනයෙන් ඉවත්ව ස්වර්ණවාහිනි ආයතනය සමඟ එක් වූ බවට වාර්තාවනවා.
ABC මාධ්‍ය ජාලයට අයත් හිරු නාලිකාවේ සාමාන්‍යාධිකාරී සුදේව හෙට්ටිආරච්චි හිරු ආයතනය හැරදමා සවර්ණවාහිනී නාලිකාව වෙත එක් වී ඇතැයි එම ආයතනයේ අභ්‍යන්තර තොරතුරු මගින් වාර්තා වේ. සුදේව හෙට්ටිආරච්චි හිරු මාධ්‍ය ආයතනයට එකතුවන්නේ 1998 වසරේ වන අතර මේ වනවිට ඔහු එම ආයතනයේ වසර 22 කට අධික කාලයක් සේවය කර ඇත.තවද සුදේව පසුකාලීනව හිරු ටීවී ආයතනයේ දේශපාලන සාකච්ජා මෙහෙයවා ඒ තුලින් ප්‍රසිද්ධියක් ඉසිලු අතර පසුගිය කාලයේ කොළඹින් දේශපාලනයට පිවිසීමට සූදානමක් පවා ඇතයි වාර්තා වුණි.කෙසේ නමුත් තත්වය එසේ තිබියදී සුදේව හෙට්ටිආරච්චි පසුගිය කාලයේ ස්වර්ණවාහිනි සමාගමේ සුබාස්කරන් අලිරාජා යටතේ ක්‍රියාත්මකවන කළමනාකාරිත්වය හමුවී තිබෙන අතර ඔවුන් නාලිකාවේ නව වෙනසක් සිදු කිරීමට අපේක්ෂාවෙන් මෙලෙස සුදේව සමග හමුවක් සූදානම් කරගෙන තිබේ. මෙම හමුවේදී සුදේව හෙට්ටිආරච්චිට ස්වර්ණවාහිනී නාලිකාවේ ප්‍රධාන විධායක ධූරය ලබා දීමටත් ඒ සඳහා ඔහුට මාසික වේතනය ලෙස ලක්ෂ පනහක් ලබා දීමටත් කළමනාකාරිත්වය එකඟ වී තිබේ. එතැනින් නොවැතුණු සුදේව ස්වර්ණවාහිනී ආයතනයට නව මුහුණුවරක් ගෙන ඒම සඳහා තම සගයන් කිහිප දෙනෙකුද හිරු ආයතනයේ සිට ස්වර්ණවාහිනියට රැගෙන ඒමට පොරොන්දු වී තිබේ. ඒ අනුව හිරු ටීවී හි, පත්තර විස්තර සහ කොපි චැට් ඉදිරිපත් කරන රංගන ද සිල්වා පුවත්පත් විස්තර ඉදිරිපත් කරන වැඩසටහනක් කිරීම සඳහා ස්වර්ණවාහිනියට පැමිණීමට කැමතිවී තිබේ. ඒ සඳහා ඔහුට ස්වර්ණවාහිනී කළමනාකාරිත්වයෙන් ලබාදීමට එකඟ වූ මාසික වේතනය ලක්ෂ 35 කි. ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානීත්වය ගැනීම සඳහා හිරු පුවත් හි සේවය කරන ජේෂ්ඨ මාධ්‍යවේදියෙකුද ස්වර්ණවාහිනියට පැමිණීමට කැමැත්ත පලකොට තිබු අතර එයට ස්වර්ණවාහිනියේ කළමනාකාරිත්වයෙන් ගෙවීමට එකඟ වූ මාසික වේතනය ලක්ෂ 15 කි.මේ අනුව හිරු ආයතනයේ තවත් පිරිසක් ස්වර්ණවාහිනී වෙත යාමට කැමැත්ත පළ කර තිබෙන බව අප හට විශ්වාසවන්ත ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව ස්වර්ණවාහිනිය යලි ගොඩගැනීමට එහි කළමනාකාරිත්වය විසින් මසකට කෝටියක මුදලක් වැය කිරීමට සූදානමින් සිට ඇති අතර මෙම ආයතන මාරුව තහවුරු කරගැනීම සඳහා ස්වර්ණවාහිනියෙන් සුදේව හට පත්වීමේ ලිපියද ලබාදී තිබේ. නමුත් ඒ අතර සුදේව ස්වර්ණවාහිනියට යාමේ සූදානම ගැන ABC මාධ්‍ය ජාලයේ හිමිකරුවූ රෙනොර් සිල්වා හට ආරංචි වී තිබේ. එයින් කලබලයට පත්වූ රෙනොර්, සුදේවගේ නිවසට ගොස් සුදේව හමුවී ඇති අතර එහිදී සුදේවගෙන් විමසා ඇත්තේ හිරු හැර නොයාමට අවශ්‍ය ප්‍රතිලාභ මොනවාදැයි විමසා තිබේ.එහිදී සුදේව කියා ඇත්තේ තමාට සමස්ථ ABC මාධ්‍ය ජාලයේ විධායක බලතල ලබාදෙන ලෙසයි. එයට රෙනොර් සිලවා එකඟ වී ඇති අතර එම බලතල සමග සුදෙවගේ වැටුප් තලය ඉහල දැමීමටද කටයුතු කොට තිබේ.තත්වය එසේ තිබියදී සුදේව හා රංගන හිරු ආයතනය හැර දමා ස්වර්ණවාහිනිය වෙත ගොස් ඇති බවයි අප හට ආරංචිමාර්ග වලින් දැනගන්නට ලැබී ඇත්තේ.
