අන්තර්ජාල ගනුදෙනු වලදි ආරක්ශා වන්න -ITSSL
මේ දිනවල සිදුකරන අන්තර්ජාල ගනුදෙනු වලදි ආරක්ශාකාරී වන ලෙස සියලුම අන්තර්ජාල මුල්‍ය ගනුදෙනු කරන පිරිස් වෙතින් ඉල්ලා සිටින බව ශ්‍රීලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ ප්‍රධාන සම්බන්ධිකාරක ගිනෙත් කරුණානායක මහතා අප Gossip24000 වෙබ් අඩවිය වෙත නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත.එම නිවේදනය පහතින්,
මේ දිනවල අන්තර්ජාල ඔස්සේ සිදුවන මුල්‍ය ගනුදෙනු බොහෝ දෙනෙකු නිවසේ සිට ව්‍යාපාර කටයුතු මෙහෙයවීම නිසා ඉහලගොස් ඇත.මෙම තත්වය යටතේ බාහිර පාර්ශව විසින් අන්තර්ජාල හරහා සිදුකරන ගනුදෙනු වලදී යම් පාර්ශවයන් විසින් ඔබගේ මුල්‍ය තොරතුරු සොරාගැනීමට විවිධ උපක්‍රම දරනා බවත් යම් අන්තර්ජාල ගෙවීම් ගනුදෙනුකරු නොදැනුවත්වම සිදුවී ඇති බව පවසමින් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පැමිණිලි ලැබී ඇත.
එමෙන්ම විවිධ ආයතන ලෙස පෙනී සිටිමින් දුරකථන හා විද්‍යුත් තැපැල් මගින් මාර්ගගත මුල්‍ය සේවාවල මුරපද හා (One Time Password) එක වරක් පමණක් භාවිතා කළහැකි OTP කේත ඉල්ලීමක් සිදුකෙරෙන බවක් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට නිරීක්ෂණය වී ඇත. මේ හේතුවෙන් අන්තර්ජාල ගනුදෙනු සිදුකිරීමේදී විමසිලිමත් වන්නට කියා අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස අවධාරණය කරමු.

