කොරෝනා සමයේ ගුණාත්මක අන්තර්ජාල සේවාවක් ලබාදීමට රජය කටයුතු කල යුතුයි - ITSSL
COVID-19 වයිරසය හේතුවෙන් ඉදිරි කාල සීමාවේදී ශ්‍රී ලංකාව තුල සිදුකරනු ලබන සියලුම ව්‍යාපාරික හා අනෙකුත් අත්‍යවශ්‍ය කටයුතු අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය පදනම්ව සිදුකිරීමට සිදුවන බැවින් අන්තර්ජාල සේවාව ප්‍රමිතියකින් යුතුව මහජනතාව වෙත ලබාදීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමහි සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මහතා රජයෙන් ඉල්ලා සිටියි.
COVID-19 වයිරසය සමග මේ දිනවල ශ්‍රී ලංකාවේ සියලුම අන්තර්ජාල සම්බන්ධතා වලින් සමාජ මාධ්‍ය වෙබ් අඩවි වෙත පිවිසීමේදී යම් මන්දගාමී ස්වරුපයක් ගන්නා බව අන්තර්ජාල පරිශීලකයන් විසින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වෙත පැමිණිලි සිදුකොට ඇති බව එම සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් දන්වා ඇත.
මේ වන විට බොහෝ අන්තර්ජාල සේවා සපයන සමාගම් විසින් Deep Packet Inspection නොහොත් DPI ක්‍රියාවලියක් සිදුකරන බවක් දැකගත හැකි බවත් ශ්‍රී ලංකාවෙහි පවතින මෙම DPI පද්ධතිය වත්මන් අන්තර්ජාල පරිශීලකයන් ප්‍රමාණයට සරිලන්නේ නොමැති බැවින් සමාජ මාධ්‍ය වෙබ් අඩවි වලට පිවිසීමේදී යම් මන්දගාමී ස්වභාවයක් ගැනීමට හැකි බවත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය එම නිවේදනයෙහි වැඩිදුරටත් පෙන්වාදෙනු ලබයි.

