ad

Breaking News

සුළු වරදට බන්ධනාගාරගත කර සිටින පිරිස් නිදහස් කිරීමට හැකියාව ඇත්දැයි ජනපති සොයාබලයි.


සුළු වැරදි සඳහා දඩුවම් ලෙස හා ඇප කොන්දේසි සම්පුර්ණ කළ නොහැකිව දැනට බන්ධනාගාරගතව සිටින පිරිසට සහන සැලසීමේ හැකියාව සොයා බලන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ. ඒ නිතී විශාරදයින් සහ බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරීන් සමග පැවති හමුවකදීය.

සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූවන් සඳහා නෛතික සහන සැලසීමට ඇති හැකියාව නිර්දේශ කිරිමට ජනාධිපතිතුමා මෙම කමිටුව පත් කර තිබේ. දැනට දඩ මුදල් ගෙවීමට හෝ ඇප මුදල් හෝ පුද්ගල ඇප ලබා දීමට අපොහොසත් රැඳවියන්ට නෛතික ප්‍රතිපාදන සැලසීමට අදාළ නිර්දේශ එම කමිටුව විසින් අනිද්දා ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය. මෙම කමිටුව බන්ධනාගාර කොමසාරිස් ජයසිරි තෙන්නකෝන්, නීති කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති කාලිංග ඉන්ද්‍රතිස්ස, ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර සිල්වා සහ නීතිඥ සුසාර දිනාල් ඇතුළු පිරිසකගෙන් සමන්විත ය.