ad

Breaking News

වී කිලෝවක නිෂ්පාදන පිරිවැය රුපියල් 76යි.. රජයේ සහතින මිලට දුන්නාම කිලෝවකින් 44ක් ලාබයි.- නාමල්

 

වී කිලෝවක  නිෂ්පාදන පිරිවැය රුපියල් 76යි.. රජයේ සහතින මිලට දුන්නාම කිලෝවකින් 44ක් ලාබයි.

වී කිලෝවක් සඳහා තමන් රුපියල් 154 ක නිෂ්පාදන පිරිවැයක් පෙන්වා දුන්නේ පොහොර තහනම් කර තිබූ කාලයක බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණරත්න මහතා සඳහන් කරයි.නමුත් අද තත්ත්වය එසේ නොවන බවද පැවසූ ඔහු අද වන විට රතු සහල් කිලෝ වී කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 76 ක් සුදු නාඩු 91 ක් බවත් පැවසීය.

ඒ අනුව අද රජය විසින් නම් කළ ඇති වී සහතික මිල අනුව ගොවියාට රුපියල් 44 පමණ ලාභයක් රතු වී අලෙවියෙන් ලැබෙන බවද කියලා හෙතෙම පවසයි.අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.