ඉතිහාසයේ මෙරටට දෙන විශාලතම ණය මුදල ලෝක බැංකුවෙන් මෙම වසරේදී - ජනපති අනුර
ඉතිහාසයේ මෙරට ලබා දෙන විශාලතම ණය මුදල ලෝක බැංකුවෙන් මෙම වසරේදී ලබා දෙනු ඇති බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.ඒ සම්බන්ධයෙන් මේ වන විට ලෝක බැංකුව සමඟ සාකච්ඡා කරමින් හිටින බවද ඔහු පැවසීය.
එම ණය මුදල ලබාදීමට දැනටවත් ඔවුන් එකඟතාවය පළකර ඇති බවද ඒ මහතා පැවසීය.ආසියානු සංවර්ධන බැංකුවොත් සමගම මේ වන විට විශාල සාකච්ඡාවක සිටින බවද ඒ මහතා පැවසුවේය.කසල ප‍්‍රවාහන රථ 28ක් ප්‍රදානයක් ලෙස ලබා දීමට ජපාන රජය එකඟතාවය පළ කර ඇති බවද ඒ මහතා සඳහන් කරයි.
කුරුණෑගල දී පැවැති ජාතික ජන බලවේග සුහද හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
