සද්දෙ දැම්ම ඩඩ්ලිට නාමල් ප්‍රතිචාර දක්වයි...
මහා පරිමාණ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සහල් හිගය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප‍්‍රතිචාර දක්වයි.රට තුළ පවතින සහල් සැපයුම සමඟ සෙල්ලම් කිරීමට රජය කිසිවකුටත් ඉඩ නොතබන බවත් සහල් හිගය විසඳන බවට සහතික වන බවත් හෙතෙම පැවසීය.
වී සඳහා වන අවම සහතික මිල ඉදිරි දින කිහිපය තුළ රජය විසින් ප්‍රකාශයට පත් කරන බවත් හෙතෙම පවසයි.රටේ සහල් සැපයුම සමඟ සෙල්ලම් කිරීමට රජය කිසිවකුට ඉඩ නොදෙන බවත් හෙතෙම අවධාරණය කළේය.
වී මිලදී ගැනීම සඳහා මිලියන 5,000 ක් වෙන් කර ඇති අතර ඉදිරියේදී සහල් හිඟයක් මතුවන විට පාලන මිලට වඩා අඩුවෙන් සහල් වෙළෙඳපොළට නිකුත් කිරීමට රජය සැලසුම් කර ඇති බව ද නියෝජ්‍ය ඇමතිවරයා තව දුරටත් පැවසුවේය.
