ad

Breaking News

ජනාධිපති මන්දිරයේ අරලිය ගහ මන්දිරයේ අමනුශ්‍ය බලපෑම්

අරලියගහ මන්දිරයේ මන්දිරයේ පැවති අමනුෂ්‍ය බලපෑම් රැසක් පැවති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මහතා පවසයි.අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ එක් අවස්ථාවකදී එම භූතාත්ම ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් ද දැක තිබු බවයි.

කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරයේ ආරක්ෂාව වෙනුවෙන් වත් පිළිවෙත් රැසක් සිදු කිරීමට තමන්ට සිදු වූ බවත් මියගිය රජ කුමරෙකු එම භූමියෙහි ආදාහනය කර ඇති බවත් සඳහන් කර ඇති ඔහු එම සියලු කරුණු කාරණා සැලකිල්ලට ගනිමින් භූමි ආරක්ෂා සිදු කිරීමට පියවර ගත බවද සඳහන් කරයි.ජනාධිපති මන්දිරයේ ප්‍රධාන පිවිසුම් දොරටුව අභියස පැවති රාජකීයයෙකුට අයත් ප්‍රතිමාවක් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගත් ආකාරයද ඔහු මෙහිදී සඳහන් කර තිබේ.