ad

Breaking News

නීතිපතිවරයා ඉවත්වෙනතුරු අඛණ්ඩව් විරෝධතා මාලාවක්


නීතිපති පාරින්ද රණසිංහ මහතා එම ධුරයෙන් ඉවත් වනතුරු හෝ ඉවත් කරන තුරු විරෝධතා මාලාවක් ඇරඹීමට සංවිධානය වෙමින් තිබේ.ඊයේ දිනයේදී නීතිපතිවරයාට සිය ධුරයෙන් ඉවත්වන්නැයි පවසමින් විරෝධතාවයක් කොළඹදී පැවැත්වුනි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට ඔහු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිර්දේශ කර තිබීම මීට හේතුවයි.ලසන්ත වික්‍රමතුංගගේ දියණියද අග්‍රාමාත්‍යවරිය වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තෙන් දෝශාභියෝගයක් ගෙනැවිත් නීතිපතිවරයා ධුරයෙන් ඉවත් කරන ලෙසයි.

ඊයේ පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතා මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා කැදවා අදහස් විමසා තිබේ.