යාල කැලේ වැනසූ පිරිස අතර ඇමති පුතෙක්
යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක දෙකට ඉකුත් 22 වැනිදා පෙරවරුවේදී ස්පෝට්ස් වර්ගයේ ජීප් රථ පහක් ඇතුළු කෙරුණු අතර,සවස් කාලයේදී එක පෙළට එම ජීප් රථ 35 ක් පැමිණියේය.
එක වාහනයකට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මඟ පෙන්වන්නකු බැගින් ලබා දුන්නද,වාහන 35 කට මඟපෙන්වනන් 35 ක් ලබාදීම උභතෝකෝටිකයක් විය.
ඊට හේතුව වූයේ එතරම් මඟපෙන්වනන් පිරිසක් එහි නොසිටීමය.මේ නිසා යාල ජාතික වනෝද්‍යානයේ බලධාරීන් මෙම ජිප් රථ පහකට එක් මඟ පෙන්වන්නා බැගින් ලබාදීමට කටයුතු කළේය.
