සමාජ මාධ්‍ය භාවිතයට රජයේ ලියාපදිංචි වීම අනිවාර්යය නොවේ - ITSSL
සමාජ මාධ්‍ය භාවිතයට රජයේ ලියාපදිංචි වීම අනිවාර්යය නොවේ - ITSSL
ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය වෙබ් අඩවි භාවිතා කිරීම සදහා පරිශීලකයන් රජයේ ලියාපදිංචි වීම අත්‍යවශ්‍ය බව දැක්වෙන පුවත් කිහිපයක් ජනමාධ්‍ය තුලින් වාර්තාවීමත් සමග ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ අවධානය යොමුවී ඇති අතර අප Gossip24000 වෙබ් අඩවිය වෙත මෙසේ දන්වා ඇත.
සමාජ මාධ්‍ය වෙබ් අඩවි වලට පිවිසීමට එම වෙබ් අඩවියන්හි ගිනුමක් පවත්වාගෙන යාම සදහා පරිශීලකයන් ශ්‍රී ලංකා රජයේ කිසිදු ලියාපදිංචියකට ලක් නොවිය යුතු බවත් එසේ ලියාපදිංචි වියයුතු නම් එය භාෂණයේ නිදහසට එල්ලකළ දැවැන්ත පහරක් ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය දකින්නෙමු.මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීමේදී රජයේ අමාත්‍යවරුන් සැළකිලිමත්ව කටයුතු කිරීම සිදුකළ යුතු බව අප සංගමය වැඩිදුරටත් පෙන්වා දෙමු.

