69 ලක්‍ෂයක ජනතාවක් ජනවරමක් දී ඇත්තේ ජනපතිට මිස සර්වබලධාරී නිලධාරියෙකුට නොවේ - ඇමති බන්දුල
69 ලක්‍ෂයක ජනතාවක් ජනවරමක් දී ඇත්තේ ජනපතිට මිස සර්වබලධාරී නිලධාරියෙකුට නොවේ - ඇමති බන්දුල
තමන්ට පෙර සිටි වෙළෙඳ ඇමැතිවරයා වන රිෂාඩ් බදුර්දීන්ට ආයතන 42ක් තිබූ බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
තමන්ට මෙසේ කරන්නේ ඉස්ලාම් ආගම අදහන්නේ නැති නිසාද නැතහොත් සිංහල බෞද්ධයෙක් නිසාද යන්න ඇමතිවරයා ප‍්‍රශ්ණ කරයි.ඔහු මේ බව කියා සිටියේ දෙරණ 360 වැඩසටහනට එක්වෙමිනි.තවද 69 ලක්‍ෂයක ජනතාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනවරමක් දී ඇත්තේ රටේ ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කරන්න බව ද එසේ නැතුව සර්වබලධාරී නිලධාරීන්ට අවශ්‍ය ලෙස කටයුතු කිරීමට නොවන බව ද ඔහු පැවසීය.සර්වබලධාරී නිලධාරියෙකු විසින් මෙහෙයවන පිරිසක් තවමත් මුදල් අමාත්‍යාංශයේ සිටින බවද ඒ මහතා කියා සිටියේය.
