ad

Breaking News

කොරෝනා මල සිරුරු භූමදානය කල හැකි බව එක්සත් ජාතීන් අගමැති මහින්දට ලිඛිතව දන්වයි.

කොරෝනා මල සිරුරු භූමදානය කල හැකි බව  එක්සත් ජාතීන් අගමැති මහින්දට ලිඛිතව දන්වයි

මරණයට පත්වන කොරෝනා ආසාදිතයන් ගේ මෘත දේහය භූමදාන කිරීමට කිරීමෙන් වෛරසය ව්‍යාප්ත වන බවට සාක්ෂියක් සාක්ෂි ලැබී නැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.එම නිසා එම මෘතදේහ භූමදානය කල හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සදහන්කර ඇතැයි කොළඹ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප‍්‍රධානියා සදහන් කරයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත කොළඹ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බන්ධීකරක හැනා සිගර් මහත්මිය විසින් මේ බව ලිඛිතව දැනුම් දී තිබෙන අතර විදේශ කටයුතු ඇමති දිනේශ් ගුණවර්ධන, සෞඛ්‍ය ඇමතිනි පවිත‍්‍රා වන්නිආරච්චි, අධිකරණ ඇමති අලි සබ්රි වෙතද පිටපත් සහිතව යොමු කර ඇති අදාල ලිපිය මෙහි දැක්වෙයි.