ළමයෙකු ලෙස පිළිගන්නා වයස් සීමාව වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය
ළමයෙකු ලෙස පිළිගන්නා වයස් සීමාව වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය
අවුරුදු 18 ට අඩු තැනැත්තෙකු ළමයෙකු ලෙස පිළිගනිමින් ළමා හා තරුණ තැනැත්තන් පිළිබඳ ආඥා පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.ඒ බව අනාවරණය වූයේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.මීට පෙර ළමයෙකු ලෙස පිළිගත්තේ වයස අවුරුදු 14 ට අඩු පුද්ගලයින්ය.නව සංශෝධනය යටතේ තරුණයෙකු ලෙස පිළිගැනෙන්නේ වයස අවුරුදු 18 ත් 22 ත් වයස් කාණ්ඩවල පසුවන්නන් වේ.වයස් සීමා සංශෝධනය කිරීමට අනුමැතිය හිමිව ඇත්තේ අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.
