ad

Breaking News

බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී අද(13)උණුසුම්කාරී තත්ත්වයක්


දුම්රියෙන් ගමන් කිරීමට කලින් ආසන වෙන්කරවා නොගත් මගීන් ආපසු හරවා යැවීම හේතුවෙන් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී අද(13)උණුසුම්කාරී තත්ත්වයක් හට ගෙන තිබේ.

ඇඳිරිනීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව තෙවැනි දිනටත් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට අලුයම 5.10ට කොළඹ බලා දුම්රියක් පිටත්ව ගොස් ඇති අතර අද දින සිට දුම්රියේ මුළු ආසන ගණනට සමාන පිරිසකට දුම්රියෙහි ගමන් කිරීමට අවසර ලබා දෙන බවට ඊයේ මාධ්‍ය මගින් ප්‍රචාරය වීම හේතුවෙන් මගීන් විශාල පිරිසක් අද බෙලිඅත්ත දුම්රිය ස්ථානයට පැමිණ ඇති අතර කෙසේ වුවද මගීන් සිවු දෙනකු පමණක් කලින් ආසන වෙන්කරවාගෙන තිබිණ. එලෙස වෙන්කරවාගත් මගීයකු පමණක් අද පැමිණ සිටි අතර එම මගියාට අමතරව තවත් මගීන් හත් දෙනකුට පමණක් පැමිණීමේ පිළිවෙල සහ අවශ්‍යතාව අනුව දුම්රියෙන් යාමට අවසර ලැබිණ.කලින් ආසන වෙන්කරවා නොගත් මගීන්ට දුම්රියෙන් යාමට අවස්ථාව ලබා නොදීම හේතුවෙන් ඔවුන්ට නැවත නිවෙස්බලා යාමට සිදුවිය.මේ හේතුවෙන් කෝපයට පත්වූ ඇතැම් මගීන් දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරින්ට බැන වදිමින් පිටතව ගොස් ඇත. කෙසේ වුවද මෙම දුම්රියෙහි මැදිරි විශාල ප්‍රමාණයක් හිස්ව ගමන් ආරම්භ කර ඇති බව දැන ගන්නට ලැබුණි.