ඇදිරිනිතිය පනවා තිබියදිත් මත්පැන් ගන්න පෝලිමේ
කොළඹ සහ ගම්පහ ප්‍රදේශ වල ඇදිරිනිතිය පනවා තිබියදිත් රජයේ අවසර ඇතිව බලයලත් එම ප්‍රදේශ තුළ පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණවල මත්පැන්හල් විවෘතව තැබීමට අද අවසර ලැබිණි.ඒ ඒ පෙදෙස්වල මත්පැන් ලබා ගැනීමට මිනිසුන් දිගු පෝලිම්වල සිටින අයුරු දැකිය හැකි විය.මෙම ප්‍රදේශවලට පැමිණිමට අවසර ඇත්තේ අතවශ්‍ය රාජකාරි කරන පුද්ගලයන්ට , රජයේ සේවයන්ට සහ පෞද්ගලික අංශ සේවකයින්ට පමණි. නමුත් විශාල පිරිසක් මත්පැන් මිලදී ගැනීමට සිටින අයුරු දැකිය හැකි විය.සුරා සැල් විවෘත කිරීමට අවසර ලැබුණේද දැඩි කොන්දේසි යටතේය.
