ad

Breaking News

Google Chrome වෙබ් බ්‍රව්සරය වහාම යාවත්කාලීන කරගන්න - ITSSL


ආරක්‍ෂිත දෝෂයක් හේතුවෙන් Google Chrome වෙබ් බ්‍රව්සරය වහාම යාවත්කාලීන කරගන්නා ලෙස ශ්‍රීලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ මහතා සියළුම අන්තර්ජාල පාරිශිලකයන්ගෙන් ඉල්ලා නිවේදනයක් නිකුත් කරමින් අප Gossip24000 වෙබ්අඩවිය වෙත දන්වා ඇත .එම නිවේදනය පහතින්,

Google Chrome වෙබ් බ්‍රව්සරයෙහි ඇති CVE-2020-6457 නම් ආරක්‍ෂිත දෝෂය හදුනාගැනීම හේතුවෙන් ගූගල් සමාගම විසින් වින්ඩෝස්, මැක් සහ ලිනක්ස් මෙහෙයුම් පද්ධති සඳහා Google Chrome 81.0.4044.113 යාවත්කාලීනය නිකුත් කර ඇත. මෙම ආරක්‍ෂිත දෝෂය පවතින Google Chrome වෙබ් බ්‍රව්සර සයිබර් ප්‍රහාරයකට නතුවීමේ ඉහල හැකියාවක් පවතී. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පරිශීලකයින් බොහෝ ප්‍රමාණයක් අන්තර්ජාලයට පිවිසීම සදහා Google Chrome වෙබ් බ්‍රව්සරය යොදාගන්නා බැවින් කඩිනමින් Chrome 81.0.4044.113 යාවත්කාලීනය ලබාගැනීමට කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට දැනුම් දෙමු.


.