ad

Breaking News

හතලිස් දහසකට අධික COVID සයිබර් තර්ජන - ITSSL


හතලිස් දහසකට අධික COVID-19 සයිබර් තර්ජන වල ක්‍රියාකාරීත්වයේ ඉහල යාමක් ඇති බව ශ්‍රී ලංකා අන්තර්ජාල පරිශීලකයන් ඒ ගැන අවධානයෙන් පසුවන්නැයි  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ මහතා අප Gossip24000 වෙබ් අඩවිය වෙත නිවේදනයක් නිකුත් කරමින්  දන්වා සිටි.පහතින් එම නිවේදනය දැක්වේ.

COVID-19 වෛරසය තත්වය යොදාගනිමින් සිදුවන සයිබර් ප්‍රහාර ඉහල යාමක් මේ දිනවල පෙන්නුම් කරනු ලබන අතර සයිබර් ආරක්ෂණ ආයතයක් විසින් හතලිස් දහසකට අධික COVID-19 සයිබර් තර්ජන හදුනාගැනීමට සමත්වී තිබෙනවා. සයිබර් ප්‍රහාර සිදුකිරීමට නිර්මාණය කර තිබෙන මෙම වෙබ් අඩවි වලට පිවිසෙන පුද්ගලයන්ගේ පෞද්ගලික දත්ත, මුරපද සොරාගැනීමට සහ අනිෂ්ට මෘදුකාංග ස්ථාපනය කිරීමට සයිබර් ප්‍රහාරකයන් විසින් කටයුතු කරනු ලබයි. 

ශ්‍රී ලංකාවෙහිද මෙවැනිම ආකාරයේ සයිබර් තර්ජන වල ඉහල යාමක් දැකගත හැකි අතර සමාජයේ දැඩි ඉල්ලුමක් පවතින මුහුණු ආවරණ, Sanitizer වැනි භාණ්ඩ නොමිලේ ලබාදෙනවා යැයි පවසා පෞද්ගලික දත්ත රැස් කිරීමේ වෙබ් අඩවි කිහිපයක් සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට ලැබී ඇත. තවද “free COVID-19 testing” නම් ඊමේල් පණිවිඩයක් මුවාවෙන් Trickbot වැනි අනිෂ්ට මෘදුකාංග පරිශීලකයාගේ පරිගණකයට ස්ථාපිත කිරීමේ ක්‍රියාවලියක්ද මේ දිනවල ක්‍රියාත්මක වන අතර මෙවැනි ආකාරයේ පණිවිඩයක් ඔබට ලැබුනුහොත් එය විවෘත කිරීමට යාමෙන් වලකින ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ශ්‍රී ලාංකික ජනතාවට දැනුම් දෙමු.