ad

Breaking News

කොරෝනා නිසා කළුබෝවිල හා මීගමුව රෝහල් වාට්ටු වසා දමයි


කළුබෝවිල ශික්ෂණ රෝහලේ 05 වාට්ටුවේ රෝගීන් හා කාර්ය මණ්ඩලය නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබේ. එම රෝහල් වාට්ටුවේ සිටි රෝගියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබු බව හෙළි වීමෙන් පසු මෙම තීන්දුව ගෙන ඇත.
එමෙන්ම මීගමුව රෝහලේ 20 වාට්ටුවේද සේවකයන් සහ රෝගීන් නිරෝධායනයට යොමු කර තිබේ. එම රෝහලේද කොරෝනා ආසාදිතයෙකු හමුවූ නිසා මෙම තීරණය ගෙන ඇත. මීගමුව රෝහලෙන් හමුවූ රෝගියා  ඊයේ පස්වරුවේ මරණයට පත්විය.